Home Local News Room : ඉන්ධන මිල විශාල ලෙස පහළ යයි.. ජනතාවට විශාල සහනයක්.....

News Room : ඉන්ධන මිල විශාල ලෙස පහළ යයි.. ජනතාවට විශාල සහනයක්.. ~

0
0
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) විසින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව, මෙතෙක් රුපියල් 434ක්ව පැවති ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 414කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382ක් ලෙස සටහන් වේ.

කෙසේ වෙතත්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් (රු. 495.00), ලංකා සුපිරි ඩීසල් (රු. 478.00) සහ ලංකා භූමිතෙල් (රු. 285.00) යන ඉන්ධන වර්ගවල මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බව සංස්ථාව නිවේදනය කරයි.

මෙම මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සමාගම සහ සිනොපෙක් (Sinopec) සමාගම ද සිය මිල ගණන් සංශෝධනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here