Home Local News Room : පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID...

News Room : පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට! ~

0
0
රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙහෙල්බද්දර පද්මේගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කළ බවට සැක කෙරෙන, පස්  පොඩ්ඩා නැමැති අපරාධකරු ගම්පහ උසාවිය අසල දී  වෙඩි තබා ඝාතනය කළ බවට චෝදනා ලද  බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” නැමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මැලේසියාවේ රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව, ඊයේ (25) රාත්‍රියේ ඔහු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලීසිය සඳහන් කළේ සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දුන් බවය.

41 වැනි වියේ පසුවන මෙම සැකකරු කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මෙරටින් පළාගොස් සිටීම හේතුවෙන් ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක්ද (Red Notice) නිකුත් කර තිබිණි.

අත්අඩංගුවට පත් “මාටියා” නැමැති සැකකරුගෙන් ප්‍රශ්න කිරීම සඳහා පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මාටියා ගේ ආසන්නම ඝාතන

සමන් රෝහිත පෙරේරා හෙවත් පස්පොඩ්ඩා යනු කෙහෙල්බද්දර පදිංචිව සිටි අපරාධකරුවෙකි. ඔහුට එරෙහි අපරාධ චෝදනා ගණනාවක් තිබිණි. ගම්පහ ප්‍රදේශයේ පස් ජාවාරම සම්බන්ධයෙන් කුප්‍රකට කප්පම්කාර මැරයෙක් වු පස් පොඩ්ඩාට ඝාතනය කිරීමට පාදක වූ වෙඩි ප්‍රහාරය එල්ල වන්නේ 2022 ජූලි 27 දා ය.

ගම්පහ උසාවියේ නඩුවක් සඳහා පෙනී සිට නැවත පිටව යද්දී ගම්පහ උසාවිය අසල නගරසභා පිටිය ඉදිරිපිටදි  පස්පොඩ්ඩා ඇතුළු සිව් දෙනෙක් ගමන් ගත් වෑන රථයට වැගන් ආර් රථයකින් පැමිණි නාඳුනන ඝාතකයෙක් ටී. 56 ගිනි අවියකින් වෙඩි තබා තිබිණි. සිවුදෙනෙක් වෙඩි ප්‍රහාරයට ලක් වූහ. ඉන් බරපතල තුවාල ලැබූ ඔවුන් හතර දෙනා ගම්පහ රෝහලට රෝහල්ගත කෙරිනි.

2022 ජූලි මස 28 වැනිදා බරපතල තත්ත්වයේ සිට පස් පොඩ්ඩා මිය ගියේය. ඔහු සමග සිට වෙඩි කා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ සිටි කොටුගොඩ , මදුරුවිට පදිංචිව සිටි බස්නායක අප්පුහාමිලාගේ ගාමිණී පියතිලක තිසේරා නමැති අයෙකි. 2022 ජූලි මස 30 වැනිදා මිය ගියේය.

මෙම ඝාතන සිදුකළ වෙඩික්කරු වූයේ අද කටුනායක දී අත් අඩංගුවට ගත් මාටියා ය. පස්පොඩ්ඩා ඝාතනය කිරිමෙන් පසු මාටියා රටින් පැන තිබිණි. ඔහුට එරෙහිව රතු වරෙන්තු ජාත්‍යාන්තරව නිකුත් වි තිබිණි. මාටියා අත් අඩංගුවට පත් වන්නේ දීර්ඝ විමර්ශන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here