බරපතළ අල්ලස් හා දූෂණ චෝදනා මත නීතිමය ක්‍රියාමාර්ගවලට ලක්ව සිටින චරිත් අබේසිංහ, ‘බහුජන බලය’ සංවිධානයේ සාමාජිකත්වයෙන් සහ එහි ජාතික සංවිධායක ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට එම සංවිධානයේ විධායක මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.
හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මතයි. ඒ අනුව, බහුජන බලයේ ප්‍රධාන ලේකම් ඉරංග මෙන්ඩිස්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයකට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
චරිත් අබේසිංහට එරෙහිව මතුව ඇති චෝදනා සහ ඒ සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සැලකිල්ලට ගනිමින් බහුජන බලය සංවිධානය මෙම තීරණය ගෙන ඇති අතර අදාළ නිවේදනය පහතින්,









