සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පනවා ඇති රඳවා ගැනීමේ නියෝගවලින් ඉවත් කර, සාමාන්‍ය සිරකරුවෙකු ලෙස වෙනත් බන්ධනාගාරයකට මාරු කරවා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 1200ක අල්ලස් මුදලක් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත අබේසිංහ සහ හිටපු ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධ්යක්ෂ වරුණ හර්ෂවිතාන යන අයයි.
අදාළ සැකකරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් ලබා දී, ‘හරක් කටා’ නැමැත්තා විශේෂ රඳවා ගැනීමේ නියෝගවලින් මුදා හැර සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තැබීමට කටයුතු කිරීම සඳහා මෙම අල්ලස් මුදල ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇත.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
මේ පුවත තව අයට බලන්න