තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා,
අපේ රජය විසින් නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා සඳහන් කලා. රටේ අනීතිකව ක්‍රියාත්මක කරනු ලබන නීති විරෝධි ක්‍රියා අපි නතර කරනවා. සියලු දෙනාට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා.
මෙපමණ කාලයක් ධනය බලය තිබෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. පාතාල කල්ලි සාමාජික නදුන් චින්තක සමඟ අල්ලස් ගනිමින් සම්බන්ධතා පැවැත්වමින් කටයුතු කළ නීතිඥවරයෙක් වන රඛිත රාජපක්ෂ සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහයි දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සංවිධායක සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා ගනු ලබන විනය ක්‍රියාමාර්ග ගැන අපි බලා ගෙන ඉන්නවා. මේ රජය බලයට ආවේ මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි .
අපි PTA එක අහෝසි කරනවා. 1979 ඉඳලා පත් වුණු ආණ්ඩු මේක කිව්වා. අපි එය වෙනස් කරනවා. මේක පරිස්සමෙන් වෙනස් කරන්න ඕන. මාස දෙකක් තුළ PTA එක අහෝසි කරන බවට ජනාධිපතිතුමාත් ප්‍රකාශ කළා. නීති සකස් කිරීම හදිසියේ කරන්න බැහැ. අපි මේවා හරියට හදන බව දන්න නිසයි ජනතාව අපිට ආණ්ඩුව දීලා එයාලට විපක්ෂය දුන්නේ.
නඩුකාරතුමන්ලා පත් කිරීම ගැන ජනාධිපතිතුමා පැහැදිලි කළා. ඉස්සර නම් කරන්නේ අධිකරණ ඇමතියි ජනාධිපතියි එකතුවෙලා තමන්ට ඕන අය පත් කර ගෙන පත් කර ගෙන ගියා. දැන් අපි පහළ සිට ඉහලට පත් කිරීමට අග්‍රවිනිශ්චයකාරතුමාට නිදහස ලබාදීලා තියෙනවා. පහළ අධිකරණයේ පුරප්පාඩු ගණනාවක් තිබෙනවා. පහළ සිට ඉහළට පත් කිරීමයි මේ සිදු කරන්නේ. පද්ධතියක් ලෙස සලකා බලා පුරප්පාඩු පුරවනවා. ඉස්සර ශ්‍රේෂ්ඨාධිකරණය සතියට දවස් දෙකයි තුනයි නඩු ඇහුවේ. දැන් දින පහ තුළම නඩු විභාග කරනවා.
කන්ටේනර් සිද්ධිය ගැන කථා කළා. එයාලම බොරුවක් කියලා දැන් එයාලම හිරවෙලා ඉන්න එක තමයි වෙලා තියෙන්නේ. මීට වඩා වග වෙන, මීට වඩා පාරදෘශ්‍ය භාවයෙන් කටයුතු කරන ආණ්ඩුවක් තිබිලා නැහැ. අපි නීතියේ යුක්තියේ මුල ධර්ම අනුව කටයුතු කරනවා.
මත් ද්‍රව්‍ය ගැන කථා කිරීමේදී විපක්ෂ නායක තුමා සිංගප්පුරුවේ නීතිය ගැන කථා කළා. අපි විපක්ෂ නායතුමාගෙන් අහනවා ඔබතුමාලගේ ආණඩුවක් ආවහම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලුම් ගහ ක්රියාත්මක කරනවාද ? අපි පක්ෂයක් වශයෙන් ප්‍රතිපත්තියක් ලෙස මරණ දඬුවමට කැමැත්තක් නැහැ. අපි කුඩු සහ පාතාලය මර්ධනය කරන්න ගත යුතු සියළුම ක්‍රියාමාර්ග ගන්නවා.
2025 සිට මේ දක්වා මත්ද්‍රව්‍ය වැටලීම්වලින් ආසන්න ලෙස කිලෝ 23692 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් අත්අඩංගුවට ගැනීම තුන් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. මේ රටේ තිබෙන අනීතික හැමදේටම ජාවාරම් ජාලයක් තිබෙනවා. මෙරට ටයිකෝට් අඳින නීතිඥවරුත් මේ අතර ඉන්නවා. අද පෙන්නුම් කළේ ඒකයි.
පසුගිය මාස 24 තුළ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය හා සම්බන්ධ ජාවාරම්කරුවන් 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශිය වශයෙන් කටයුතු කරන ශ්‍රී ලාංකික ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 95කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. එතුමාගේ කණ්ඩායම පාලනය කරන්න විපක්ෂ නායකතුමාට පුළුවන්ද ? චරිත් අබේසිංහ ගැන ගන්නා ක්‍රියාමාර්ගය අපි බලමු යැයිද අමාත්‍යතුමා සඳහන් කළේය.







