ඒ අනුව ඔහු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉකුත් ජූනි 18 වන දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලුණු අතර එහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අධිකරණ ස්වාධීනත්වය මෙන්ම පුද්ගල නිදහස අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තිබෙන බවයි.
ඒ අනුව එම නිදහස සීමා කළ හැක්කේ අතිශය සීමිත අවස්ථාවල බවත් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් පුද්ගලයින්ට යුක්තිය ඉටු කිරීම යනු කිසිදු සාධාරණ පදනමකින් තොරව පුද්ගලයින් අත් අඩංගුවට ගෙන සිරගත කිරීම නොවන බවත් ඔහු පෙන්වා දෙන ලදි.
තවද පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කිරීමට නීතියෙන් අවසර හිමිවී ඇත්තේ සීමිත අවස්ථාවල පමණක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයට පත්කිරීම දඬුවමක් නොවිය යුතු බවත් පෙන්වා දුන්නා.
එබැවින් සිය සේවාදායකයා කිසිදු විමර්ශනයකට කැඳවා නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඔහු අදාළ විමර්ශනයේ කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් එල්ල කර නොමැති බවත් පැවසුවා.
ඒ අනුව කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වග උත්තරකරුවන් සිය සේවාදායකයාට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙතින් විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇති බව පැවසූ ජනාධිපති නීතිඥවරයා පදනමකින් තොරව ඔහුගේ නිදහස සීමා කිරීමට විමර්ශනයකින් කටයුතු කර ඇති බවටත් චෝදනා කර තිබුණා.
එබැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගනු ලැබූවොත් ඔහුට ඇප ලබා ගැනීමට තිබෙන නිදහස අහිමි කෙරෙන අතර පෙත්සම්කරු මෙම අධිකරණය හමුවට පැමිණ සිටින්නේ ඒ නිසා බවත් ජනාධිපති නීතිඥවරයා එහිදී ප්‍රකාශ කළා.
එම කරුණු දැක්වීමෙන් පසුව පෙත්සම් සලකා බැලීම අද දින තෙක් කල් තිබීමට අධිකරණය තීන්දු කළා.
මේ පුවත තව අයට බලන්න