අම්බලන්තොට ප්‍රදේශයේ පාසලකදී සිසුවකු විසින් අවුරුදු 14ක් වයසැති සිසුවියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමක් ජංගම දුරකතනයකින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහළ බව කියන සිසුන් තිදෙනාද අම්බලන්තොට පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. සිදුවීම වීඩියෝගත කළ සිසුවාත් එම වීඩියෝ දර්ශන ළඟ තබාගත් සිසුවාත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහළ සිසුවාත් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.