Home Local News Room : භාණ්ඩාගාර කොල්ලයේ මුදල් ඕස්ට්‍රේලියාවේ හිතවතෙකුගේ ගිණුමක..?

News Room : භාණ්ඩාගාර කොල්ලයේ මුදල් ඕස්ට්‍රේලියාවේ හිතවතෙකුගේ ගිණුමක..?

1
0
 
හැකර් ප්‍රහාරයකට ලක්වූ බව පවසන මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදල සැබවින්ම සොරාගෙන ඇත්තේ හැකර්වරයෙකු නොව, ඕස්ට්‍රේලියාවේ පදිංචි වත්මන් රජයට සම්බන්ධ ඒජන්තවරයෙකු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා චෝදනාවක් එල්ල කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රජය පවසන කරුණු සාවද්‍ය බවයි.
“දැන් හැකර් කෙනෙක් ගෙනිච්චා කියන ඩොලර් මිලියන 2.5 ගැන අපි අද සෘජුවම කියනවා, මේක හැකර් කෙනෙක් නෙවෙයි. මේ ආණ්ඩුවට සම්බන්ධ, ආණ්ඩුවේ ඒජන්තවරයෙක් තමයි ඕස්ට්‍රේලියාවේ සිට මේ ඩොලර් මිලියන 2.5 හොරකම් කළේ” යනුවෙන් ඔහු අවධාරණය කළේය.
පසුගිය 76 වසරක කාලසීමාවේ සිදුවූ දූෂණ වංචා සොයන බව පවසමින් වත්මන් රජය ජනතාව මුලා කරන බවත්, නමුත් මෙම කෙටි කාලය තුළ රජයට සම්බන්ධ පුද්ගලයන් විසින් ඩොලර් මිලියන ගණනින් මහජන මුදල් අවභාවිත කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම මුදල් කොල්ලය සම්බන්ධයෙන් රජය වහාම විනිවිදභාවයකින් යුතුව කරුණු අනාවරණය කළ යුතු බව ප්‍රේමනාත් දොලවත්ත මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here