මහනුවර කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසකදී 23 හැවිරිදි විවාහක තරුණියකගේ සිරුර හමුවීමත් සමඟ එම මරණයේ ස්වභාවය පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. තමන්ගේ දියණියගේ මරණය සම්බන්ධයෙන් බරපතළ සැක මතු කරන මියගිය තරුණියගේ දෙමාපියන්, සිද්ධිය වූ ස්ථානයේ දක්නට ලැබුණු අසාමාන්‍ය තත්ත්වයන් සහ දියණියගේ සිරුර දැක ගැනීමට පවා අවස්ථාවක් නොලැබීම පිළිබඳව සිය බලවත් විරෝධය සහ වේදනාව ප්‍රකාශ කර සිටියි.