Home Local News Room : බොස්ටන්හි ගණිකා ජාවාරම් වැටලීමේදී ශ්‍රී ලාංකික හිමිනමක් අත්අඩංගුවට! ~

News Room : බොස්ටන්හි ගණිකා ජාවාරම් වැටලීමේදී ශ්‍රී ලාංකික හිමිනමක් අත්අඩංගුවට! ~

0
0
ඇමරිකාවේ බොස්ටන් නගරයේ හෝටලයක සිදු කළ පොලිස් වැටලීමකදී ගණිකා සේවා ලබාගැනීමට උත්සාහ කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත් දෙනා අතර, ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂුවක් ද සිටින බව බොස්ටන් පොලිසිය පවසයි.

එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇමෙරිකාවේ ජීවත්වන 32 හැවිරිදි මහායායේ විනීත නම් හමිනමකි.

මෙම වැටලීම පසුගිය සෙනසුරාදා Revere හෝටලයේදී සිදුකර ඇති අතර, බොස්ටන් පොලිසිය විසින් FIFA ලෝක කුසලාන තරගාවලියට සමගාමීව මිනිස් ජාවාරම් සහ ගණිකා ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ක්‍රියාත්මක කරන ” ඔපරේෂන් රෙඩ් කාඩ් (Operation Red Card)” මෙහෙයුමේ කොටසක් ලෙස එය සිදුකර තිබේ.

පොලිසියට අනුව, වාණිජ ලිංගික සේවා සඳහා කාන්තාවන් සහ ළමුන් ප්‍රචාරය කරන ජාල හඳුනා ගැනීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.මහායායේ විනීත හිමි ඇතුළු සැකකරුවන් හත් දෙනාටම මුදලට ලිංගික සේවා ලබාගැනීම සම්බන්ධ චෝදනා යටතේ බොස්ටන් මධ්‍යම මහනගර අධිකරණයේ නඩු පවරා ඇති බව පොලිසිය කියා සිටී.එහිමියෝ ඇමරිකාවේ ටෆ්ට්ස් සරසවියෙහි බෞද්ධ ආගමික උපදේශක වරයෙක් ලෙස කටයුතු කළ භික්ෂුවකි.

මේ සිදුවීමත් සමග මහායායේ විනීත හිමි අදාළ ධූරෙයන්ද ඉල්ලා අස්ව ඇති බව පැවසේ.

මහායායේ විනීත හිමියන් 2024 දෙසැම්බර් මාසයේදී ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයේ බෞද්ධ ආගමික උපදේශකවරයා ලෙස පත්කරනු ලැබ ඇති අතර, විනීත හිමි එහි බෞද්ධ භාවනා සංගමයට මඟපෙන්වීම, භාවනා වැඩසටහන් සහ ධර්ම දේශනා පැවැත්වීමේ කටයුතු සිදු කර තිබේ.

ශ්‍රී ලංකාවේ උපන් උන්වහන්සේ වයස අවුරුදු 10දී පැවිදි වී ඇති අතර, 2022 මැයි මාසයේදී Harvard Divinity School වෙතින් ශාස්ත්‍රපති උපාධියක් ලබාගෙන තිබේ.

ඉන් අනතුරුව වසර දෙකහමාරක් පමණ වනාන්තර ගුහාවක භාවනානුයෝගීව වැඩ වාසය කර ඇතැයි ද පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිසිදු සැකකරුවෙකු මෙතෙක් වරදකරු ලෙස අධිකරණය විසින් තීන්දු කර නොමැති අතර, නඩු විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

මේ පුවත තව අයට බලන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here