අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ම අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වරුණ ජයසුන්දර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද ශෂී මහේන්ද්‍රන් සහ ආදිත්‍ය පටබැඳිගේ යන දෙදෙනාගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
මෙම පෙත්සම්කාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙනත් ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාදීමට තිබෙන හැකියාව සොයාබලන ලෙස ඉකුත්දා අධිකරණය විසින් නීතිපතිවරයාට දැනුම් දී තිබිණි.
ඒ සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් අදාළ නිර්දේශ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර තිබෙන බවයි.
ඒ අනුව පෙත්සම්කරු මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙන බැවින් පෙත්සමේ ඉදිරි කටයුතු අත්හිටුවන බවත් විනිසුරු මඩුල්ල නියම කළහ.
මේ පුවත තව අයට බලන්න