හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතාගෙන් ජංගම දුරකථන මුරපද (Passwords) ඉල්ලා සිටීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, පුද්ගලයකුගෙන් ජංගම දුරකථන මුරපද ඉල්ලූ සැනින් ලබා දිය නොහැකි බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, තමාගේ ජංගම දුරකථනයෙන් වුවද එලෙස මුරපද ඉල්ලා සිටියහොත් ඒවා ලබා දිය නොහැකි බවත්, ඒ සඳහා නිසි අධිකරණ නියෝගයක් තිබිය යුතු බවත්ය.
විවිධ පාර්ශ්වයන් විසින් සුරේෂ් සලේ මහතා වෙත විවිධ ආකාරයේ පීඩනයන් එල්ල කරමින් ඔහුව අපහසුතාවයට පත් කිරීමට උත්සාහ නොකළ යුතු බවද සුගීෂ්වර බණ්ඩාර මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.







