ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඔවුන්ගේ උපරිම ශක්තිය සහ හැකියාව යොදවා වැඩ කරන බවත් ඒවාට සිනාසීම සුදුසු නැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි. “මේ ළඟදි දවසක් මීඩියා එහෙම අරන් ඇවිත් තණකොළ මැෂිමක් කරේ බැඳන් තණකොළ කපනවා. අන්න නිර්ප්රභූන්ගේ වැඩ. අම්බිගා කියලා මන්ත්‍රීවරියක් ටොයිලට් එකකට මුල්ගලක් තියනවා. අන්න නිර්ප්රභූන්ගේ වැඩ. තව කවුද මන්ත්‍රීවරයෙක් උඩ තට්ටුවකට මුල් ගලක් තියනවා. තව මන්ත්‍රීවරියක් බස් එකක් පාරට දාලා මෝලං ගහලා උත්සව තියනවා. අන්න නිර්ප්රභූන්ගේ වැඩ.
දැන් ඔබටම තීන්දුවක් ගන්න පුළුවන් ප්‍රභූන් මේ රටට කළ දෙයයි, නිර්ප්‍රභූන් මේ රටට කළ දොයක්. මිනිස්සු හැමෝම හිනා වෙනවා, සමන්ත විද්‍යාරත්න ඇමතිතුමා මීඩියා අරන් ගිහින් තණකොළ කපනවා කියලා. ඉතින් වෙන මොනවා කරන්නද? ඒ මනුස්සයාට පුළුවන් දේ තමයි, ඒ කරන්නේ. එහෙම නැතිව පිටරට ආයෝකයේ පිරිසක් එක්ක වට මේසයක වාඩිවෙලා රටට ආයෝජන ගේන්න කතා කරයි කියාල ඔබ හිතනවාද? සමන්ත විද්‍යාරත්නගේ කැපෑසිටි එක එච්චරයි.
දැන් අම්බිගා අඬනවා එයා වැසිකිළියක් හදද්දි හිනාවෙනවා කියලා. එයාට පුළුවන් දේ තමයි එයා කරන්නේ. කවුරු හරි හිතනවද එයා විදේශ අයෝජකයෝ එක්ක වට මේසයක වාඩිවෙලා වතු ලයින් කාමර වෙනුවට නිවාස ව්‍යාපෘතියක් හදන එක ගැන සාකච්ඡා කරයි කියලා. එහෙම හිතන අය ටිකක් ඉවසලා ඉන්න, ඒකට එනවා තව ටික දවසකින් සජිත් ප්‍රේමදාස.”
උත්සව අවස්ථාවක් අමතමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ බව කීය.