Home Local News Room : ‘භාණ්ඩාගාරයට සල්ලි හොයාගන්නේ කොහොමද…’ මහජනතාවගෙන් අදහස් කැදවයි..

News Room : ‘භාණ්ඩාගාරයට සල්ලි හොයාගන්නේ කොහොමද…’ මහජනතාවගෙන් අදහස් කැදවයි..

2
0

 ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා වන මධ්‍ය කාලීන හා දිගුකාලීන උපායමාර්ග, ප්‍රතිපත්තිමය නිර්දේශ සහ විශ්ලේෂණාත්මක වාර්තා ඉදිරිපත් කරන ලෙස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ආදායම් කළමනාකරණ කමිටුව විවෘත ආරාධනාවක් කර සිටියි. 

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත යටතේ පිහිටුවන ලද මෙම ආදායම් කළමනාකරණ කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ රාජ්‍ය ආදායම් උපාය මාර්ග සම්පාදනය කිරීම, ආදායම් උපදවන රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ඉහළ නැංවීම සහ ආදායම් ඉහළ නැංවීමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදීමයි. 

කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, බදු පදනම පුළුල් කිරීම සහ අවිධිමත් ආර්ථිකය විධිමත් කිරීම හරහා රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 20 දක්වා ඉහළ නැංවීමේ මධ්‍ය හා දිගුකාලීන අරමුණක් රජය සතු වේ. එම අරමුණ කරා ළඟා වීමට අවශ්‍ය දත්ත හා තොරතුරු මත පදනම් වූ යෝජනා මෙලෙස සියලුම පාර්ශ්වයන්ගෙන් අපේක්ෂා කෙරේ. 

මෙම යෝජනා කැඳවීම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති ලියාපදිංචි විද්වත් මණ්ඩල, විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන, වෘත්තීය ආයතන, පෞද්ගලික අංශයේ ආයතන, ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම ඕනෑම ශ්‍රී ලාංකීය පුරවැසියෙකු සඳහා විවෘතව පවතී. 

සියලුම යෝජනා 2026 ජූනි මස 16 වන දිනට පෙර dgfp@fpd.treasury.gov.lk යන විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කළ යුතුය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here