Home Local News Room : ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ ශ‍්‍රමදාන තරගයක්..

News Room : ‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ ශ‍්‍රමදාන තරගයක්..

2
0

 “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතියට සමගාමීව ඌව පළාතේ පුනරුද ගමන ශක්තිමත් කිරීම සඳහා දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් සහ තරගයක් ආරම්භ කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.

මෙම තරගයේ විශේෂත්වය වන්නේ ජයග්‍රාහී ගම්මාන සඳහා ත්‍යාග ලෙස මුදල් ලබා දීම වෙනුවට, එම ගම්මානවල සංවර්ධනය වෙනුවෙන් වටිනා ව්‍යාපෘති ප්‍රදානය කිරීමයි. 

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පළාතේ හොඳම ශ්‍රමදානය සිදු කරන ගම්මානය සඳහා රුපියල් කෝටියක වටිනාකමකින් යුත් සංවර්ධන ව්‍යාපෘති පිරිනමන බවයි.

මීට අමතරව, දෙවන ස්ථානය දිනාගන්නා ගම්මානය සඳහා රුපියල් ලක්ෂ 75ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ද, තෙවන ස්ථානය දිනාගන්නා ගම්මානය සඳහා රුපියල් ලක්ෂ 50ක වටිනාකමකින් යුත් ව්‍යාපෘති ද පිරිනැමීමට නියමිතය. 

මෙම වැඩසටහන මගින් ඌව පළාතේ ගම්මාන පිරිසිදු කරමින් පුනරුද ගමනට සවියක් වීම රජයේ මූලික අපේක්ෂාව වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here