31 දින රාත්රී මීගොඩ පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ හන්දිය ආසන්නයේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ කැබ් රථයක් දන්සලක පෝලිමක සිටි පිරිසකගේ හප්පා නොනවත්වා පලාගොස් ඇත.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් පුද්ගලයින් තිදෙනෙකු හා කාන්තාවන් තිදෙනෙකු රෝහල් ගතකරන විටත් මියගොස් සිට ඇත.
අනතුර සිදුවූ වහාම ක්රියාත්මක වූ ගොඩගම හන්දියේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරින් විසින් පලා යමින් සිටි කැබ් රථය හා රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මරණකරුවන් අවුරුදු 35 ත් 38 ත් අතර වයස්වල පසු වූ හංවැල්ල සහ අවිස්සාවේල්ල ප්රදේශවල පදිංචිකරුවන් වන අතර මරණකාරියන් අවුරුදු 15 ත් 56 ත් අතර වයස්වල පසු වූ පිලියන්දල ප්රදේශයේ පදිංචිකාරියන් වේ.
අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරා වයස අවුරුදු 42 ක් වන පිලියන්දල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුර සිදුවන අවස්ථාවේ සැකකරු බිමත්ව සිටි බවට තහවුරු වී ඇත.
තුවාලකරුවන් 07 දෙනෙකු හෝමාගම රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන අතර මීගොඩ පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.