Home Local News Room : මාලිමා මන්ත්‍රීවරුන් 15ක් රහස් සාකච්ඡාවක… ලොකු තැනකට වීඩියෝ ලැබිලා..

News Room : මාලිමා මන්ත්‍රීවරුන් 15ක් රහස් සාකච්ඡාවක… ලොකු තැනකට වීඩියෝ ලැබිලා..

3
0

 ජාතික ජන බලවේගය නියෝජනය කරන නවක මන්ත්‍රීවරු පිරිසක් සාකච්ඡාවක් පවත්වා තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පසුගිය මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක කිහිපයක් නියෝජනය කරමින් තේරී පත් වූ මන්ත්‍රීවරු 15 දෙනෙකු පමණ මෙම සාකචිඡාවට එක්ව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේ ය.

එක්තරා නිවසක පැවති මෙම හමුවට මන්ත්‍රීවරු පැමිණෙන හා පිටත්ව යන ආකාරය පෙන්නුම් කරන සීසීටීවී දර්ශන ඇතැයිද දැනගන්නට තිබේ.

මෙම රහස් සාකච්ජාව පැවැත් වූයේ ආණ්ඩුව පිළිබදව කලකිරීමෙන් ද එසේ නොමැතිව වෙනත් කරුණක් ගැන කතා කිරීමටද යන්න ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධව ආණ්ඩුවේ ඉහළම පාර්ශ්වයේ මෙන්ම සහ විපක්ෂය පාර්ශ්වයේ අවධානය යොමුව ඇතැයි දැනගන්නට ලැබේ.

අමිත් මදුරංග ගමගේ
mawbima

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here