2026
මැයි
මාසය සඳහා වන කොළඹ පාරිභෝගික
මිල දර්ශකය (කො.පා.මි.ද.)
සහ
කොළඹ නාගරික ප්‍රදේශය සඳහා
වන මාසික පාරිභෝගික උද්ධමන
අනුපාත වාර්තාව අද දින ප්‍රකාශයට
පත් කර ඇත.
එම
නිල වාර්තාවට අනුව,
2026 අප්‍රේල්
මාසයේදී 5.4%
ක්
ලෙස සටහන් වූ මතුපිට උද්ධමන
අනුපාතය,
2026 මැයි
මාසය වන විට 5.5%
ක්
දක්වා සුළු ඉහළ යෑමක් පෙන්වයි.
2026
අප්‍රේල්
මාසයේදී 201.6
ක්
ලෙස පැවති කොළඹ පාරිභෝගික
මිල දර්ශකය (මතුපිට),
මැයි
මාසයේදී 203.4
ක්
දක්වා වැඩි වී තිබේ.
මේ
අනුව,
දර්ශක
යොමු කාලය වන 2021
වසරට
සාපේක්ෂව පොදු මිල මට්ටමෙහි
සමස්ත වැඩිවීම 103.4%
කි.
නිතර
මිල වෙනස් වන ආහාර,
බලශක්ති
සහ ප්‍රවාහන වියදම් ඉවත් කර
ගණනය කරනු ලබන මූලික/යටිදැරි
(Core)
උද්ධමන
මිල දර්ශකය ද අප්‍රේල් මාසයේ
පැවති 185.6
සිට
මැයි මාසයේදී 186.1
දක්වා
වැඩි වී ඇත.
ආහාර
කාණ්ඩය සඳහා ලක්ෂ්‍යමය උද්ධමන
අනුපාතය 0.9%
ක්
ලෙස සටහන් වන අතර,
එහි
මාසික වෙනස 0.3%
කි.
සමස්ත
උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයෙන්
ලැබී ඇති දායකත්වය 0.31%
කි.
ආහාර
නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය
උද්ධමනය 7.8%
ක්
දක්වා ඉහළ අගයක පවතින අතර,
එහි
මාසික වෙනස 0.9%
කි.
සමස්ත
උද්ධමන අනුපාතය සඳහා ආහාර
නොවන කාණ්ඩයෙන් ලැබී ඇති
දායකත්වය 5.20%
ක්
වැනි ඉහළ අගයක් ගනී