Home Local News Room : පෙරපාසලකට ගසක් කඩා වැටේ…

News Room : පෙරපාසලකට ගසක් කඩා වැටේ…

6
0


මධ්‍යම
කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට
කඩින් කඩ අධික සුළං සමග ඇදහැලෙන
අධික වර්ෂාව හේතුවෙන් ෆයිනස්
ගසක් කඩා වැටීමෙන් හැටන්
ෆෝඩයිස් වතුයායේ පෙර පාසලේ
වහළට දැඩි අලාභහානි සිදු වී
ඇත
.

එම
වතුයාය හරහා ගමන් කල දැඩි සුළං
තත්වටත් සමග පෙර පාසල මතට
විශාල ෆයිනස් ගසක් කඩා වැටුණු
බවත්
,
එම
ෆයිනස් ගස කඩා වැටිමෙන් පෙරපාසල්
ගොඩනැගිල්ලට සහ ඇතුලත තිබූ
උපකරණ රැසකට හානි සිදු වී ඇති
බවයි පෙරපාසල් ගුරුවරියක්
කියා සිටියෙ
.

කඩා
වැටුණු ෆයිනස් ගස කපා ඉවත්
කිරිමට එම වතුයායේ වතු කම්කරුවන්
කටයුතු කර ඇත
.

– රංජිත්
රාජපක්ෂ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here