Home Local News Room : අධිභාරයට කලින්දා LC ඇරිය ප්‍රකෝටිපති තිදෙනාම ජනාධිපතිගේ ගජ මිතුරෝ.....

News Room : අධිභාරයට කලින්දා LC ඇරිය ප්‍රකෝටිපති තිදෙනාම ජනාධිපතිගේ ගජ මිතුරෝ.. ලයිස්තුව එලියට දමයි…

3
0

 මැයි මස 16
වෙනිදා
සිට වාහන ආනයනය සඳහා
50%
අධිභාරයක් පැනවීමට රජය තීරණය
කර තිබියදී
,
ඊට පෙර
දින එනම්
15
වෙනිදා
හදිසියේම වාහන
1782ක්
සඳහා ණයවර ලිපි
(LC)
නිකුත්
කර ඇති බව සමගි ජන බලවේගයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්
රහුමාන් මහතා චෝදනා කරයි
.


මෙම
ණයවර ලිපි නිකුත් කර ඇත්තේ
ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක
වන
‘Rebuilding Sri Lanka’ වැඩසටහනේ
සාමාජික ක්‍රිෂාන් බලේන්ද්‍ර
,
ජනාධිපතිවරයාගේ
සමීපතමයින් ලෙස සැලකෙන ධම්මික
පෙරේරා සහ ඉෂාර නානායක්කාර
යන මහත්වරුන්ගේ සමාගම් සඳහා
බව මන්ත්‍රීවරයා හෙළි කළේය
.

බද්ද පැනවීමට
පෙර සතිය තුළ පමණක් වාහන
4000ක්
සඳහා මෙලෙස ණයවර ලිපි නිකුත්
කර ඇති බවත්
, මෙය
සංවිධානාත්මක අපරාධයක් බවත්
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය
.

අනුර කුමාර
දිසානායක මහතා මන්ත්‍රීවරයෙකු
ලෙස සිටි කාලය පුරාම ගජමිතුරු
ආර්ථිකය දැඩි ලෙස විවේචනය
කළද
, ඔහු
බලයට පත්වීමෙන් පසුවද සිදුවන්නේ
එම ගජමිතුරු ආර්ථිකයම නඩත්තු
කිරීම බව රහුමාන් මහතා පෙන්වා
දෙයි
.

ජාතික ජන
බලවේගයේ නායකයින් මැතිවරණ
වේදිකාවල ලබා දුන් පොරොන්දු
පිළිබඳවද මෙහිදී ප්‍රශ්න
කෙරිණි
. විශේෂයෙන්ම
ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ
කර තිබුණේ රටේ ඩොලර් අර්බුදයක්
ආවොත් ලෝකය පුරා සිටින පක්ෂ
යාන්ත්‍රණය හරහා සාමාජිකයින්
ඩොලර් එවන බවයි
.
එසේම
සුනිල් හඳුන්නෙත්ති මහතාට
ලැබුණු බව කියන ඩොලර් මිලියනයක
දුරකථන ඇමතුම පිළිබඳවද මතක්
කළ මන්ත්‍රීවරයා
, එම
ඩොලර් දැන් කොහේදැයි ප්‍රශ්න
කළේය
.

වර්තමානයේ
ඩොලරයේ අගය විනාඩියෙන් විනාඩිය
ත්‍රීවීල් ටැක්සි මීටරයක්
මෙන් ඉහළ යන බවත්
, එක්
සතියක් තුළ රුපියල්
120කින්
පමණ ඩොලරයේ අගය වැඩි වී ඇති
බවත් ඔහු පෙන්වා දුන්නේය
355ට තිබූ
ඩොලරය
385 දක්වා
ඉහළ යන තත්ත්වයක් පවතින බවත්
,
මහ බැංකුව
ඩොලර් නිකුත් නොකරන්නේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
(IMF) සමඟ
ඇති කරගත් කොන්දේසි නිසා බවත්
ඔහු පැවසීය
.

ආර්ථිකය
ක්‍රමයෙන් නරක අතට ගමන් කරමින්
පවතින බවත්
, මේ
නිසා හාල් ඇතුළු අත්‍යාවශ්‍ය
භාණ්ඩවල මිල පාලනය කළ නොහැකි
ලෙස ඉහළ යන බවත් මන්ත්‍රීවරයා
සඳහන් කළේය

හිටපු
පාලකයින් මෙන්ම වත්මන් පාලකයින්ද
බොරු පවසමින් රටේ ආර්ථිකය
විනාශ කරමින් සිටින බවත්
,
මෙහි භයානක
ප්‍රතිඵල ඉදිරියේදී සමස්ත
ජනතාවටම අත්විඳීමට සිදුවනු
ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here