Home Local News Room : අධිවේගී මාර්ගවල කෝටි 461ක මුල්‍ය කාන්දුවක්, කෝටි 38ක ඩබල්...

News Room : අධිවේගී මාර්ගවල කෝටි 461ක මුල්‍ය කාන්දුවක්, කෝටි 38ක ඩබල් පේමන්ට්..

2
0

 මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ පිවිසුම් සහ පිටවීම්වලදී පැහැදිලි මූල්‍ය කාන්දුවක් සිදුව ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පිළිගත්තේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

විගණන වාර්තාවලට අනුව, අධිවේගී මාර්ගවලට ඇතුළු වූ වාහන සංඛ්‍යාව සහ පිටවීමේදී ගෙවීම් සිදු කළ වාහන සංඛ්‍යාව අතර රුපියල් මිලියන 4614ක දැවැන්ත පරතරයක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.

මීට අමතරව, රුපියල් මිලියන 380ක duplicate payments සිදුවී ඇති බවටද තොරතුරු හෙළිවී තිබේ.

ටෝල් ගේට්ටුවලඅවශ්‍ය තරම් ටෙලර්වරුන් Tellers
නොමැති වීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල වාහන ඇතුළු වුවද පිටවීමේදී ගෙවීම් නිසි පරිදි සිදු නොවීම, ටෝල් ගේට්ටු තුළ විවිධ උපක්‍රම ඔස්සේ සිදුවන මූල්‍ය වංචාවන් මෙම තත්ත්වය ඇති වීමට බලපා ඇති ප්‍රධාන කරුණු වශයෛන් අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.

මෙම මූල්‍ය කාන්දුවීම් අවම කර ගැනීමට දැනටමත් පියවර ගනිමින් සිටින බවත්, මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ඉදිරි විගණන කටයුතු හරහා මේ පිළිබඳ සම්පූර්ණ තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇති බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here