Home Local News Room : පාසල් කැන්ටින්වල රෝල්ස්, පැටිස්, කට්ලට්, සමෝසා තහනම්…

News Room : පාසල් කැන්ටින්වල රෝල්ස්, පැටිස්, කට්ලට්, සමෝසා තහනම්…

3
0

 

කොළඹ මහ නගර සභාව විසින් හඳුන්වා දී ඇති නව ප්‍රතිපත්ති මාලාවකට අනුව පාසල් ආපනශාලා තුළ දරුවන් දැඩිව ප්‍රිය කරන රෝල්ස්, පැටිස්, සමෝසා, කට්ලට් ඇතුළු පැස්ට්‍රි නිෂ්පාදන මෙන්ම අයිස්ක්‍රීම් සහ අයිස් පැකට් ද විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ආහාර සහිත තිරසර පරිශ්‍රයක් තහවුරු කිරීම තුළින් ඉහළ පෝෂණ මට්ටමකින් යුත් දරුවන් බිහි කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ප්‍රතිපත්තිය යටතේ, සිසුන් නිරන්තරයෙන් පානය කරන රස කළ කිරි පැකට්, බිස්කට් සහ යෝගට් පාන ද තහනම් ආහාර ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත්, මෙම නව නීති මාලාව මඟින් පාසල් ආපනශාලාවල විකිණිය හැකි ආහාර වර්ග ප්‍රධාන කාණ්ඩ හයක් යටතේ දක්වා ඇති අතර, ඒ අනුව ධාන්‍ය සහ පිෂ්ඨ ආහාර, එළවළු සහ කොළ වර්ග, ශාක සහ සත්ව ප්‍රෝටීන මූලාශ්‍ර, පළතුරු, නැවුම් කිරි සහ ඒවා පැසවූ පසු සිදු කරන නිෂ්පාදන මෙන්ම කජු ඇතුළු තෙල් සහිත ඇට වර්ග සහ තෙල් වර්ග විකිණීමට අවසර හිමි වේ.

මීට අමතරව ප්‍රධාන ආහාර වේල්, පෝෂ්‍යදායි ස්නැක් වර්ග, නැවුම් කිරි සහ මුදවපු නිෂ්පාදන මෙන්ම පෝෂණ ගුණයෙන් යුත් පාන වර්ග ද පාසල් දරුවන් වෙනුවෙන් ආපනශාලා තුළ විකිණිය හැකි බව කොළඹ මහ නගර සභාව වැඩිදුරටත් අවධාරණය කරයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here