Home Local News Room : ටකරමක් ගියත් ලක්‍ෂ දහය දෙන්න ලියාපදිංචි වෙන්න අවසන් දින...

News Room : ටකරමක් ගියත් ලක්‍ෂ දහය දෙන්න ලියාපදිංචි වෙන්න අවසන් දින දෙයි…

0
0

 දිට්වා
සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ
නිවාස හානි සිදු වූ සහ අධි
අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි
පවුල්
,
තම
නැවත පදිංචි වීමේ තීරණය දැනුම්
දීම සඳහා ලබන ජූනි මස
15
වනදා
දක්වා සහන කාලයක් ලබා දී ඇති
බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්
ජනරාල් කාර්යාලය නිවේදනය
කරයි
.

ජනාධිපතිතුමාගේ
ප්‍රධානත්වයෙන් පැවති විශේෂ
දිස්ත්‍රික් සම්බන්ධීකරණ
කමිටු රැස්වීම්වල තීරණවලට
අනුව මෙම පියවර ගෙන ඇත
.

ප්‍රතිලාභී
තීරණය දැනුම් දීම සඳහා
2026
ජූනි
මස
15
වනදා
අවසන් දිනය ලෙස නියම කර ඇත
.

දිට්වා
සුළි කුණාටුවෙන් නිවාස පූර්ණ
ලෙස හානියට පත් හිමියන් සහ
ජාතික ගොඩනැගිලි පර්යේෂණ
ආයතනය
(NBRO)
මගින්
අධි අවදානම් සහිත බවට හඳුනාගත්
පවුල් මෙයට ඇතුළත් වේ
.

නියමිත
දිනට පසුව තම තීරණය දැනුම්
දෙන පවුල් සඳහා පූර්ණ නිවාස
හානි වන්දි ගෙවීම් හෝ නැවත
පදිංචි කරවීම් සම්බන්ධයෙන්
සලකා බලනු නොලැබේ
.

මෙම
තීරණය සම්බන්ධයෙන් අදාළ පවුල්
දැනුවත් කිරීමට කටයුතු කරන
ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්
ජනරාල් සහ ජනාධිපති කාර්ය
මණ්ඩල ප්‍රධානී බී
.කේ.
ප්‍රභාත්
චන්ද්‍ර කීර්ති මහතා විසින්
සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්
වෙත උපදෙස් ලබා දී ඇත
.

ආපදාවට
පත් ජනතාව කඩිනමින් නැවත
පදිංචි කිරීමේ ක්‍රියාවලිය
විධිමත් කිරීම මෙහි මූලික
අරමුණ වී ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here