Home Local News Room : මාලිමාවේ කිසිම කෙනෙක් හොරකං, වංචා, දුෂණ කරන්නෑ…

News Room : මාලිමාවේ කිසිම කෙනෙක් හොරකං, වංචා, දුෂණ කරන්නෑ…

0
0

 ජාතික ජනබලවේගයේ කිසිදු අමාත්‍යවරයෙකු, මන්ත්‍රීවරයෙකු හෝ සභාපතිවරයෙකු දූෂණ ක්‍රියාවල නියැලී නොමැති බවත්, ඉදිරියට ද එවැනි දූෂණ වංචා සඳහා කිසිදු ඉඩක් ලබා නොදෙන බවත් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා අවධාරණය කරයි. 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, රජයේ නියෝජිතයන් ලෙස තමන් කිසිදු දූෂිත ක්‍රියාවකට සම්බන්ධ වී නොමැති බවයි. 

පක්ෂයට එරෙහිව විවිධ පාර්ශවයන් විසින් දීර්ඝ කතන්දර සහ චෝදනා ඉදිරිපත් කළද, ජනතාව එම පදනම් විරහිත චෝදනා පිළිගැනීමට සූදානම් නැති බවද ඔහු පෙන්වා දුන්නේය.

“ජාතික ජනබලවේගය වංචාවෙන්, දූෂණයෙන් හෝ යටිමඩිකම්වලින් තොර බවට ජනතාව තුළ දැඩි විශ්වාසයක් පවතිනවා. ජනතාව සහ අප අතර පවතින ප්‍රබලම බැඳීම වන්නේ එම විශ්වාසයයි,” යනුවෙන් රණසිංහ මහතා මෙහිදී පැවසීය.

තමන් ජනතාව තැබූ එම විශ්වාසය කිසිසේත්ම කඩ නොකරන බවත්, දූෂණයෙන් තොර පාලනයක් තහවුරු කිරීමට කැපවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සහතික විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here