ගාල්ල, දංගෙදර ඩික්සන් මංසන්ධිය ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
අද උදෑසන 7.30 ට පමණ මෝටර් රථයකින් පැමිණි තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා වහාම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි. කෙසේ වෙතත්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය වූ ස්ථානය අවට ඇති CCTV කැමරා දර්ශන පරීක්ෂා කරමින් සැකකාර මෝටර් රථය හඳුනා ගැනීමට පොලිසිය මේ වන විට කටයුතු කරමින් සිටියි.