Home Local News Room : ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් SJB ජ්‍යෙෂ්ඨයෙකුගේ නිවසට… ඇමතිකමට කැදවයි..

News Room : ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් SJB ජ්‍යෙෂ්ඨයෙකුගේ නිවසට… ඇමතිකමට කැදවයි..

0
0

 ආණ්ඩුව මේ
වන විට දැඩි දේශපාලන අර්බුදයකට
සහ පසුබෑමකට ලක්ව ඇති බව සමගි
ජන බලවේගයේ ජාතික සංවිධායක
තිස්ස අත්තනායක මහතා පවසයි
.

මීට පෙර
පාර්ලිමේන්තුවේ සිටින සියලු
දෙනා හොරු සහ වල් පැල ලෙස
හැඳින්වූ ආණ්ඩුවේ ප්‍රබලයින්
,
දැන් එම
පිරිසටම ආණ්ඩුවට එකතු වන ලෙස
බැගෑපත් වෙමින් සිටින බව ඔහු
අවධාරණය කළේය
.

පසුගිය දිනෙක
ආණ්ඩුවේ ප්‍රබල ප්‍රධානියෙකු
සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ
සාමාජිකයෙකුගේ නිවසට ගොස්
ඇමතිකම් ඇතුළු ඕනෑම වරප්‍රසාදයක්
ලබා දීමට සූදානම් බව පවසා ඇති
බව අත්තනායක මහතා හෙළි කළේය
.

කෙසේ වෙතත්,
අදාළ දේශපාලනඥයා
පිළිතුරු දීමටත් ප්‍රථම ඔහුගේ
පුත්‍රයා සහ බිරිඳ ඇතුළු පවුලේ
සාමාජිකයින් එම ආරාධනය
ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුවේ
ප්‍රබලයාට දැඩි ලෙස දෝෂාරෝපණය
කර ඇත
.

තම පියා
ඇතුළු පිරිස දූෂිත වල් පැල
ලෙස හැඳින්වූ අයට සහය දීමට
තම පියා නොපැමිණෙන බවත්
,
වහාම නිවසින්
පිටව යන ලෙසත් දරුවන් එහිදී
පවසා තිබේ
.

වසන්ත සමරසිංහ,
නලින්ද
ජයතිස්ස සහ බිමල් රත්නායක
වැනි ඇමතිවරුන් මීට පෙර ප්‍රකාශ
කළේ පාර්ලිමේන්තුවේ සිටින
225
හොරු බවත්
, ඔවුන්
සියලු දෙනා වල් පැල බවත්ය
.
ඔවුන් තමන්ව
හඳුන්වා ගත්තේ රට ගොඩනැගීමට
පැමිණි මල් පැල ලෙස වුවද
,
දැන් ඔවුන්ට
වැඩ කිරීමට නොහැකි බව වටහාගෙන
විපක්ෂයේ සහය ඉල්ලමින් සිටින
බව අත්තනායක මහතා පැවසීය
.

159ක බහුතරයක්
තිබියදීත් ආණ්ඩුව දැන් විපක්ෂයේ
මන්ත්‍රීවරුන්ගේ කකුල් දෙක
ළඟ වැටී සහය ඉල්ලන මට්ටමට පත්ව
ඇති බව ඔහු සඳහන් කළේය
.

ආණ්ඩුවට
තවමත් ජනතාවගේ සහය තිබේදැයි
මැන බැලීමට නම් කළ යුත්තේ දැනට
අක්‍රිය කර ඇති පළාත් සභා
මැතිවරණය වහාම පවත්වා ජනමතය
විමසීම බව අත්තනායක මහතා
අභියෝග කළේය
.

රෙදි ඇඳගෙන
මෙලෙස විපක්ෂයට ආරාධනා නොකර
,
වැඩ කිරීමට
නොහැකි නම් වහාම ධුරවලින්
ඉල්ලා අස්වී ගෙදර යන ලෙස ද ඔහු
වැඩිදුරටත් ප්‍රකාශ කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here