Home Local News Room : ලොකු තැනකින් හර්ෂද සිල්වා ලොකු පුටුවකට කැදවයි..

News Room : ලොකු තැනකින් හර්ෂද සිල්වා ලොකු පුටුවකට කැදවයි..

0
0

 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට වත්මන් පාලනය සමඟ එක්ව කටයුතු කරන ලෙසට ඉහල මට්ටමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. 

මූල්‍ය කළමනාකරණය සහ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ඔහු සතු දැනුම රජයේ වැඩපිළිවෙළට එක් කර ගැනීම මෙම ඇරයුමේ ප්‍රධාන අරමුණ වී තිබේ.

මෙම ආරාධනය පිළිගතහොත්, රජයේ තීරණාත්මක ධුරයක් හෝ ආර්ථිකය මෙහෙයවන ප්‍රබල වගකීමක් ඔහු වෙත පැවරීමට රජයේ ඉහළ පෙළේ අවධානය යොමුව ඇතැයිද පැවසෙයි.

රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඔහුගේ ආර්ථික විද්‍යාත්මක පසුබිම උපයෝගී කර ගැනීමට රජය වැඩි කැමැත්තක් දක්වන බව වාර්තා වේ.

මීට පෙරද මෙවැනි මත පළවූ අවස්ථාවලදී හර්ෂ ද සිල්වා මහතා සිය ස්ථාවරය පැහැදිලි කර තිබිණි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඔහු අවධාරණය කළේ, රජය තමන් වැනි පුද්ගලයන්ගේ අවශ්‍යතාව හඳුනා ගැනීම පිළිබඳ සතුටු වන නමුත් තමන් පාලක පක්ෂයට එක්වීමට කිසිදු සූදානමක් නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here