Home Local News Room : අලුත් තැබෑරුමකට එරෙහිව විරෝධතා.. බලපත‍්‍රය දුන්නේ විධමත්ව බව මාලිමා...

News Room : අලුත් තැබෑරුමකට එරෙහිව විරෝධතා.. බලපත‍්‍රය දුන්නේ විධමත්ව බව මාලිමා මන්ත‍්‍රී කියයි…

0
0

 

නෝර්වුඩ්
නගරයේ බගවන්තලාව මාර්ගයේ
(06)
දින
විවෘත කිරිමට සුදානම් කර තිබු
මත්පැන්සළකට විරෝධය පාමින්
වතුකම්කරුවන් සහ ප්‍රදේශවාසීන්
එම මත්පැන්සළ විවෘත කිරිමට
සුදානම් කර තිබු ගොඩනැගිල්ල
ඉදිරිපිට කළුකොඩි ඔසවා උද්ගෝෂණයක
නිරත විය
.

නෝර්වුඩ්
නගරයේ කළු කොඩි ඔසවා සියලුම
වෙළදසැල් වසා දමා මෙම උද්ගෝෂණය
සිදු කරනු ලැබුහ
.

නෝර්වුඩ්
නගරයේ දැනට මත්පැන්සල්
3ක්
තිබෙන බවත්
,
තවත්
මත්පැන්සළක් විවෘත කිරිම
තුලින් වතු කම්කරුවන් ඇතුලු
ප්‍රදේශවාසීන් ආර්ථික වශයෙන්
සහ සමාජීය වශයෙන් ගැටළු රැසකට
මැදි වන බවයි උද්ගෝෂණයේ නිරතව
සිටි පිරිස කියා සිටියේ
.

මත්පැන්සල
විවෘත කිරිමට සැළසුම්කර තිබූ
ගොඩනැගිල්ලේ ඉහළ මහළේ භාහිර
පන්තියක් පවත්වාගෙන යන බවත්
,
මත්පැන්සළ
විවෘත කිරිම තුලින් එම භාහිර
පන්තියට පැමිණෙන සිසු සිසුවියන්ටද
පීඩාවක් සිදු වන බවයි උද්ගෝෂණයේ
නිරතව සිටි පිරිස කියා සිටියේ
.

වත්මන්
රජය අලුතින් මත්පැන් බලපත්‍ර
නිකුත් නොකරන බවට පොරොන්දු
වී තවදුරටත් අලුතින් මත්පැන්සළ
විවෘත කිරිමට බලපත්‍ර නිකුත්
කිරිම මගින් වත්මන් පරපුරද
මත්පැන් බීමට ලොල් වන බවයි
උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස
වැඩි දුරටත් කියා සිටියේ
.

අප
මේ සම්බන්ධයෙන් ජාතික ජන
බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ
නුවරඑලිය දිස්ත්‍රික්
සම්බන්ධීකරණ කමිටුවේ සභාපති
මංජුල සුරවීර ආරච්චි මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ
,
සුරාබදු
දෙපාර්තමේන්තුව මගින්
නෝටන්බ්‍රිජ් නගරයේ තිබෙන
මත්පැන්සළක් නෝර්වුඩ් නගරය
වෙත රැගෙන යෑමට සදහා අවශ්‍ය
නිර්ණායක වලට යටත්ව අනුමැතිය
ලබා දී ඇති බවයි
.

එම
මත්පැන්සළ විවෘත කිරිමට මහජන
විරෝධයක් මතු වන්නේ නම්
,
එම
මත්පැන්සළ විවෘත කිරිම
සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්
සමග සාකච්ඡා කර සුදුසු
ක්‍රියාමාර්ගයක් එළබීමට
තීරණය කල බවයි
.

මහජන
විරෝධයක් මතු වන්නේ නම්
,
අලුත්
මත්පැන්සළ විවෘත නොකිරිමට
කටයුතු කරන බවද මංජුල සුරවීරආරච්චි
මන්ත්‍රීවරයා වැඩි දුරටත්
පැවසීය
.

– රංජිත්
රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here