Home Local News Room : NDB කොල්ලය ජාත්‍යන්තරයට…

News Room : NDB කොල්ලය ජාත්‍යන්තරයට…

0
0

 ජාතික
සංවර්ධන බැංකුවේ
(NDB)
වාර්තා
වී ඇති බරපතල මූල්‍ය වංචාව
සහ මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ
පවතින නියාමන දුර්වලතා පිළිබඳව
වහාම ජාත්‍යන්තර මට්ටමේ
ස්වාධීන වෝහාරික පරීක්ෂණයක්
පවත්වන ලෙස හිටපු මුදල් අමාත්‍ය
රවී කරුණානායක මහතා ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතාගෙන්
ඉල්ලීමක් කරයි
.

රජයේ
මුදල් පිළිබඳ කාරක සභාවේ
සාමාජිකයෙකු ලෙස ජනාධිපතිවරයා
වෙත ලිපියක් යොමු කරමින් ඔහු
පෙන්වා දෙන්නේ
,
මෙම
වංචාව අනාවරණය වීමට මාස
16කට
පෙර සිටම අවම වශයෙන් වාණිජ
බැංකු දෙකක් විසින් ඒ පිළිබඳව
මූල්‍ය බුද්ධි ඒකකය දැනුවත්
කර තිබූ බවයි
.

මහ
බැංකුව ඇතුළු නියාමන ආයතන
නිසි පියවර ගැනීමට ප්‍රමාද
වීම තුළින් බැංකු පද්ධතියේ
අධීක්ෂණ සහ වගකීම් සහතික
කිරීමේ බරපතල අර්බුදයක් මතුව
ඇති බව කරුණානායක මහතා පෙන්වා
දෙයි
.

බැංකු
ගනුදෙනු අධීක්ෂණය සඳහා
අත්‍යවශ්‍ය
middle-office
ක්‍රියාවලිය
දුර්වල වීම
,
CEFT සහ
RTGS
ශේෂයන්
අතර ස්වයංක්‍රීය සැසඳුම්
යාන්ත්‍රණයක් නොමැතිකම සහ
නවීන මෘදුකාංග පද්ධති ක්‍රියාත්මක
කිරීමට අපොහොසත් වීම
,
2026 වසරේදී
NDB
බැංකුව
සිදුකළ රුපියල් බිලියන
16.2

ණයකර නිකුතුව සම්බන්ධයෙන්
SEC සහ
CSE
වැනි
ආයතන නිසි ලෙස වගකීම් ඉටු කර
ඇත්දැයි යන්න සැක සහිත බව
එහිදී හඳුනාගත් ප්‍රධාන
දුර්වලතා කිහිපයක් ලිපිය
මගින් අවධාරණය කර ඇත
.

මෙම
මූල්‍ය වංචාව හේතුවෙන් රජයට
අහිමි වූ බදු ආදායම කඩිනමින්
ගණනය කර අයකර ගත යුතු බව පවසන
හිටපු අමාත්‍යවරයා
,

සඳහා පරීක්ෂණ ක්‍රියාවලිය
සඳහා ඉන්දීය රිසර්ව් බැංකුව
,
එංගලන්ත
බැංකුව
(BOE)
හෝ
සිංගප්පූරු මූල්‍ය අධිකාරිය

වැනි
ජාත්‍යන්තර ආයතනවල සහය ලබා
ගැනීම
,
මහ
බැංකුවේ නිර්ණායකවල පවතින
ගැටලු සහ බැංකු විගණන කමිටු
සාමාජිකයන්ගේ පළපුරුද්ද
පිළිබඳව සොයා බැලීම
,
මූල්‍ය
ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය
වෙනුවෙන් ගන්නා නිවැරදි කිරීමේ
පියවර පිළිබඳව ජාත්‍යන්තර
මූල්‍ය අරමුදල
(IMF)
නිල
වශයෙන් දැනුවත් කිරීම

පියවර ගන්නා ලෙස යෝජනා කර
සිටියි
.

මෙම
ගැටලුව ජාතික වැදගත්කමකින්
යුත් හදිසි කරුණක් බැවින්
,
ආයෝජක
විශ්වාසය සහ මූල්‍ය ස්ථාවරත්වය
ආරක්ෂා කර ගැනීම සඳහා
විනිවිදභාවයකින් යුත් තීරණාත්මක
ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය
බව රවී කරුණානායක මහතා වැඩිදුරටත්
අවධාරණය කරයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here