යාපනය, පෙරියවිලාන් ප්රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්රී රාමනාදන් අර්චුනා මහතා විසින් කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීමක් වාර්තා වේ.
අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මන්ත්රීවරයා සහ තවත් පාර්ශවයක් අතර මතභේදයක් පවතින අතර, ඒ පිළිබඳ නඩුවක් මල්ලාකම් අධිකරණයේ දැනටමත් විභාග වෙමින් පවතී.
මන්ත්රීවරයා එම ඉඩම තමන් සතු බව පවසන අතර, ප්රතිවිරුද්ධ පාර්ශවය ද එහි අයිතිය ඉල්ලා සිටියි.
25 වැනිදා මන්ත්රීවරයා එම ඉඩම පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී, එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු ඉඩමේ කොටසක් තමන් සතු බව පවසමින් මන්ත්රීවරයා සමඟ වාදයකට පැටලී තිබේ.
එහිදී උරණ වූ මන්ත්රීවරයා, කිසිදු ආයුධයක් නොමැතිව සිටි එම කාන්තාවන් වෙත සිය අතෙහි වූ පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර ඇත.







