Home Local News Room : ශිරන්ති අත්අඩංගුවට..?

News Room : ශිරන්ති අත්අඩංගුවට..?

0
0

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලාවල වාර්තා පළ කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ සිදුවූයේ යැයි කියන සිදුවීමකට අදාළව සිදුකෙරෙන පරීක්ෂණයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය හැකි බවට එම වාර්තාවල සඳහන් වේ.

කෙසේ වෙතත්, මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මියට මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්  කැඳවීමක් සිදුකර නොමැති බවයි. 

එසේ වුවද, ඇයව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින්නේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here