අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ බිරිඳ වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ මහත්මියගෙන් මේ වනවිට ප්රකාශයක් සටහන් කර ගනිමින් සිටියි.
ඒ රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධුරය දරද්දි සිදු කරන ලද එංගලන්ත සංචාරයේදී මහජන මුදල් අවභාවිත කරන ලදැයි එල්ල වන චෝදනාවන්ට සම්බන්ධ විමර්ශණයකට අදාලවයි.
ඇයගෙන් ප්රශ්න කරනු ලබන්නේ කොළඹ 5 වන පටුමගේ පිහිටි ඇගේ නිවසේදීය’