කෘෂිකර්ම,
පශු සම්පත්,
ඉඩම් හා වාරි
මාර්ග අමාත්‍ය ලාල් කාන්ත
මහතා රුපියල් කෝටි 60ක
මූල්‍ය වංචාවක් සිදු කර ඇති
බවට සමාජ මාධ්‍ය හරහා පැතිර
යන පුවතක් සම්බන්ධයෙන් විධිමත්
පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
පැමිණිල්ලක් ඉදිරිපත් කර
තිබේ.
“Top News Lk” නමැති
ෆේස්බුක් පිටුවෙහි පළ කර ඇති
වීඩියෝවක් මඟින් අනුරාධ
තෙන්නකෝන් නමැති පුද්ගලයෙකු
විසින් මෙම චෝදනාව එල්ල කර
ඇති බව වාර්තා වේ.
අදාළ
පැමිණිල්ල මඟින් පෙන්වා දෙන්නේ
අමාත්‍යවරයාගේ පුද්ගලික
කීර්ති නාමයට හානි කිරීමටත්,
අමාත්‍යාංශයේ
පරිපාලන ක්‍රියාවලිය දූෂිත
බව ඒත්තු ගැන්වීමටත් මෙය
සංවිධානාත්මකව සිදු කරන ලද්දක්
බවයි.
මෙම ප්‍රචාරය
සිතාමතාම දියත් කළ ද්වේෂ සහගත
මඩ ප්‍රහාරයක් මෙන්ම සැලසුම්
සහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්
බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙම චෝදනා
හරහා ජනතාව නොමඟ යැවීමට උත්සාහ
කර ඇති බැවින්, අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා
විවෘත හා අපක්ෂපාතී විමර්ශනයක්
පවත්වා මෙහි සැබෑ තත්ත්වය
රටට හෙළි කරන ලෙස අදාළ පැමිණිල්ල
මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත.