Home Local News Room : උපයපු හැටි කියන්න පුළුවන් නම් දේශපාලඥයන්ට දේපල තිබීම ගැටළුවක්...

News Room : උපයපු හැටි කියන්න පුළුවන් නම් දේශපාලඥයන්ට දේපල තිබීම ගැටළුවක් නෑ…

0
0

 

දේශපාලනඥයන්
සතු වත්කම් සහ දේපළ උපයාගත්
ආකාරය නිසි ලෙස හෙළිදරව් කළ
හැකිනම් ඒවා පවත්වාගෙන යාම
ගැටලුවක් නොවන බව කැබිනට්
ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ජයතිස්ස මහතා අවධාරණය කරයි
.

සෑම
දේශපාලනඥයෙකුම තමන් සතු සැබෑ
වත්කම් සහ බැරකම් හෙළිදරව්
කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා
,
එමගින්
අදාළ දේපළ සාධාරණ ලෙස උපයාගත්
ඒවාද යන්න තීරණය කිරීමට මහජනතාවට
අවස්ථාව ලැබෙන බව පෙන්වා
දුන්නේය
.

අපි
අපේ සියලුම වත්කම් සහ බැරකම්
හෙළිදරව් කර තිබෙනවා
.
ඕනෑම
අයෙකුට වත්කම් තිබිය හැකියි
.
වැදගත්
වන්නේ එම වත්කම් උපයාගත් ආකාරය
පිළිබඳ සාධාරණ ප්‍රකාශයක්
තිබීමයි
,”
යැයි ඔහු
වැඩිදුරටත් පැවසීය
.

යම්
දේශපාලනඥයෙකු තමන් සතු වත්කමක්
උපයාගත් ආකාරය හෙළි කිරීමට
අපොහොසත් වන්නේ නම්
,
එය බරපතල
ප්‍රශ්නයක් බව ද අමාත්‍යවරයා
මෙහිදී අවධාරණය කළේය
.

අමාත්‍ය
ලාල් කාන්ත මහතාගේ වත්කම්
සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයකට
ප්‍රතිචාර දක්වමින් නලින්ද
ජයතිස්ස මහතා කියා සිටියේ
,
අදාළ
චෝදනා සම්බන්ධයෙන් ලාල් කාන්ත
මහතා පෞද්ගලික රූපවාහිනී
නාලිකාවකට එරෙහිව එන්තරවාසියක්
යවා ඇති බවයි
.
ඒ සම්බන්ධයෙන්
ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග
ගැනීමට අමාත්‍යවරයා සූදානම්
බව ද ඔහු සඳහන් කළේය
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here