නව බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (20) පස්වරුවේ දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු විය.
අනුර කරුණාතිලක මහතා දැනට දරනු ලබන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයට අමතරව මෙම නව අමාත්‍ය ධුරයේ වගකීම් ද ඉටු කරනු ඇත.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායක මහතා ද එක්ව සිටියේය.
දූෂණ චෝදනා හේතුවෙන් කුමාර ජයකොඩි මහතා පසුගියදා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මෙම පත් කිරීම සිදු කර ඇත.