පාර්ලිමේන්තුවේ
වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය
මහලේකම් චමින්ද කුලරත්න මහතාට
එරෙහිව ලැබී ඇති පැමිණිලි සහ
ඔහු විසින් කථානායක ආචාර්ය
ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව
ඉදිරිපත් කර ඇති ප්‍රති–පැමිණිලි
සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ
කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා
විමර්ශන කොමිෂන් සභාව පවසයි.
එස්.
කන්නන්
නැමැති අයෙකු විසින් චමින්ද
කුලරත්න මහතාට එරෙහිව ඉදිරිපත්
කළ තෙවන පැමිණිල්ලක් සම්බන්ධයෙන්
ද විමර්ශන ක්‍රියාත්මක වේ.
මෙම පරීක්ෂණ
සඳහා කුලරත්න මහතාගේ පෞද්ගලික
ලිොගොනු, සම්මුඛ
පරීක්ෂණ වාර්තා සහ අනෙකුත්
අදාළ ලේඛන ලබාදෙන ලෙස අල්ලස්
කොමිසම පාර්ලිමේන්තුවට දැනුම්
දී ඇත.
තමන්ගේ
වැඩ තහනම් කිරීම නීතිවිරෝධී
බවත්, කථානායකවරයා
ද්වේෂසහගත චේතනාවෙන් එම තීරණය
ගෙන ඇති බවත් පවසමින් චමින්ද
කුලරත්න මහතා පසුගිය පෙබරවාරි
මාසයේදී අභියාචනාධිකරණය
හමුවේ රිට් පෙත්සමක් ද ගොනු
කළේය.
එම නඩු
විභාගය අතරතුරදී නීතිපති
දෙපාර්තමේන්තුව අධිකරණයට
දන්වා සිටියේ මින් ඉදිරියට
කථානායකවරයා වෙනුවෙන් පෙනී
නොසිටින බවයි.
ඒ අනුව
කථානායකවරයා සිය පෞද්ගලික
නීතිඥයෙකු ලෙස ජනාධිපති නීතිඥ
කේ. කනග්–ඊශ්වරන්
මහතා පත් කරගෙන තිබේ.
මේ අතර,
චමින්ද
කුලරත්න මහතා විසින් කථානායක
ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව
අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ
පැමිණිලි මාලාවකට නිල වාහන
අවභාවිත කිරීම සහ ඉන්ධන දීමනා
අක්‍රමික ලෙස ලබාගැනීම,
පාර්ලිමේන්තු
මාධ්‍ය අංශයේ උපකරණ අවභාවිත
කිරීම, නිසි
පරිදි මුදල් ගෙවීමකින් තොරව
පාර්ලිමේන්තුවෙන් ආහාර
ලබාගැනීම, රජයේ
නිල නිවාස අනිසි ලෙස පරිහරණය
කිරීම, පාර්ලිමේන්තු
පරිපාලනයට ද්වේෂසහගත ලෙස
මැදිහත් වීම සහ දූෂණ චෝදනාවලට
අදාළ තොරතුරු දැනගැනීමේ
අයිතිවාසිකම් (RTI) අයදුම්පත්
අක්‍රමික ලෙස ප්‍රතික්ෂේප
කිරීම චෝදනා ඇතුළත් වේ.
මෙම චෝදනා
සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී
දෙපාර්ශ්වයෙන්ම ප්‍රකාශ
සටහන් කර ගැනීමට අල්ලස් කොමිසම
තීරණය කර ඇත.







