Home Local News Room : අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකතට ජනපති එක්වෙයි..

News Room : අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකතට ජනපති එක්වෙයි..

0
0

 

මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර මාලාවේ හිසතෙල් ගෑමේ නිල රාජ්‍ය උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර දී   පැවැත්විණි. 

අද (15) දිනට යෙදී තිබූ අපේක්ෂිත සුබ මොහොත වූ පෙරවරු 6.55 ට, සෙංකඩගල ශ්‍රී දළදා මාළිගා සංකීර්ණයට අයත් නාථ දේවාල පරිශ්‍රයේදී මෙම ජාතික පුණ්‍යකර්මය සිදු කෙරිණි.

උභය විහාරීය නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා සහ ආශිර්වාද මධ්‍යයේ පැවැත්වූ මෙම අවස්ථාවට මැති ඇමතිවරුන් රැසක්ද එක්ව සිටියහ. 

ඒ අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් ද විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here