Home Local News Room : රෑටන් ලයිට් නිවාගෙන ඉඳිමින් ආණ්ඩුවට සහාය දෙන්න.. තෙල්වලින් දුවන්නේ.....

News Room : රෑටන් ලයිට් නිවාගෙන ඉඳිමින් ආණ්ඩුවට සහාය දෙන්න.. තෙල්වලින් දුවන්නේ.. – ඇමති ජයකොඩි

1
0

 

දෛනිකව විදුලි ඉල්ලුම උපරිම වන සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඉල්ලීය.

දැනට පවතින තත්ත්වය අනුව විදුලි කප්පාදුවක් සිදු කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති අතර ‍පද්ධතියේ පීඩනය අවම කර ගැනීම සඳහා උපරිම ඉල්ලුම පවතින රාත්‍රී කාලයේදී අනවශ්‍ය විදුලි පහන් සහ උපකරණ ක්‍රියා විරහිත කර සහයෝගය දක්වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

“පුළුවන් තරම් එක බල්බ් එකක් හරි ඕෆ් කරලා, පුළුවන් තරම් සපෝට් එකක් දෙන්න. ඒ වෙලාව තමා තෙල්වලින් දුවන්නේ. දවල්ට ගැටලුවක් නෑ. රෑට පුළුවන් තරම් පුරවැසියෝ විදියටත් අපි ඒ සපෝට් එක දෙනවා. මොකද ඒ බර එන්නේ අන්තිමට අපිට, ජනතාවටම තමා. 

අපේ රජයේ අරමුණ තියෙන්නේ, ජනතාවට කරදරයක් නොවෙන්න එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන් විදියට විදුලි බලය ද, ඛනිජ තෙල් ද ලබාදෙන්න ඕනකම තියෙනවා. මං හිතනවා අපි කලාපය හැටියට ගත්තත් බොහෝම හොඳින් කරගෙන යනවා. ඉදිරියටත් අපි ඒක කරන්න ඔ්නේ. ඒකට අපි තෙල් මිලදී ගැනීම් ඒවා හැමදේම කරනවා. 

වගකීමෙන් කියනවා ආණ්ඩුව හැටියට මේකෙන් කිසිම ජනතාවට, හුඟාක් අය යෝජනා කරනවා විදුලිය කප්පාදුවක් කරන්න කියලා. අපිට එතැනට යන්න අදහසක් නෑ. අපි කොහොම හරි විදුලිය කපන්න අදහස් නෑ. අපිට සියලු පරිභෝජනයන්ට මැයි වෙනකල් තෙල් තියෙනවා. ඒ නිසා කිසිම කලබලයක් වෙන්න එපා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here