Home Local News Room : රටම QR ගෙවීම්වලට හරවයි..

News Room : රටම QR ගෙවීම්වලට හරවයි..

1
0

 

ආර්ථික කාර්ය ක්ෂමතාව, මූල්‍ය අන්තර්ගත භාවය (Financial Inclusion) සහ මූල්‍ය විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම රජය විසින් ජාතික ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. 

රට තුළ එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා අධික ලෙස මුදල් නෝට්ටු (Cash) භාවිත කරන අතර, එමඟින් විනිවිදභාවය සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සීමා වී ඇත. 

LankaQRK යටිතල පහසුකම් මේ වන විට මුල්‍ය ආයතන 20 කට අධික සංඛ්‍යාවක් සහ ජංගම දුරකතන යෙදුම් 30 කට ආසන්න ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මකව පැවතුන ද, සාපේක්ෂව ඒවායේ සක්‍රීය භාවිතය අඩු මට්ටමක පවතී. 

2025 වසරේ තුන්වන කාර්තුව තුළදී LankaQR හරහා දළ වශයෙන් ගනුදෙනු 274,000 ක් වාර්තා වී ඇති අතර, එහි මුළු වටිනාකම රුපියල් බිලියන 1.18 ක් පමණ වේ. 

එය සාමාන්‍යයෙන් මාසයකට ගනුදෙනු 90,000 ක් පමණ වන අතර, රුපියල් මිලියන 390ක පමණ වටිනාකමකි. ඒ අනුව, QR කේතය හරහා සිදු කරනු ලබන සාමාන්‍ය ගනුදෙනුවක වටිනාකම රුපියල් 5,000/- කට වඩා අඩු මට්ටමක පවතින බව නිරීක්ෂණය වේ. 

එම කරුණු සැලකිල්ලට ගනිමින්, ඒ සම්බන්ධයෙන් 2026 අයවැය මඟින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුගතව රුපියල් 5,000/- ට අඩු ගනුදෙනු සඳහා මුදල් යවන්නාට මෙන්ම ලබා ගන්නාට ද කිසිදු අමතර ගාස්තුවක් අය කිරීමකින් තොරව OR කේතය පදනම් කර ගත් ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here