පවතින
බලශක්ති ගැටලුවට විසඳුම්
සෙවීමේ පියවරක් ලෙස,
රජයේ සේවකයින්
සඳහා සතියකට දින හතරක සේවා
කාලයක් නියම කිරීමේ හැකියාව
පිළිබඳව පාලන අධිකාරිය දැඩි
අවධානයක් යොමු කර ඇත.
මේ පිළිබඳව
වන අවසන් එකඟතාවයකට එළඹීම
සඳහා ජනාධිපති අනුර කුමාර
දිසානායක මහතාගේ මූලිකත්වයෙන්
අද (16) සන්ධ්‍යාවේ
ජනාධිපති කාර්යාලයේදී විශේෂ
හමුවක් පැවැත්වේ.
මෙම තීරණාත්මක
සාකච්ඡාවට එක්වන ලෙස සියලුම
රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත
මේ වන විටත් ආරාධනා කර තිබේ.
රජයේ මෙම
සූදානම පිළිබඳව රාජ්‍ය පරිපාලන,
පළාත් සභා
හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය
චන්දන අබයරත්න මහතාගෙන් කළ
විමසීමකදී ඔහු සඳහන් කළේ,
අදාළ යෝජනාවට
අමතරව තවත් විකල්ප ක්‍රමවේද
කිහිපයක් කෙරෙහිම රජයේ අවධානය
යොමුව ඇති බවයි.
එමෙන්ම,
රටේ වත්මන්
ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය
විධිමත් කිරීම සම්බන්ධයෙන්
ඉදිරිපත් වී ඇති නව සැලසුම්
පිළිබඳව ද මෙම රැස්වීමේදී
දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමට
නියමිතව ඇත.