Home Local News Room : සතියට දවසක් Work From Home අරඹයි…

News Room : සතියට දවසක් Work From Home අරඹයි…

1
0


පවතින
බලශක්ති ගැටලුවට විසඳුම්
සෙවීමේ පියවරක් ලෙස
,
රජයේ සේවකයින්
සඳහා සතියකට දින හතරක සේවා
කාලයක් නියම කිරීමේ හැකියාව
පිළිබඳව පාලන අධිකාරිය දැඩි
අවධානයක් යොමු කර ඇත
.

මේ පිළිබඳව
වන අවසන් එකඟතාවයකට එළඹීම
සඳහා ජනාධිපති අනුර කුමාර
දිසානායක මහතාගේ මූලිකත්වයෙන්
අද
(16) සන්ධ්‍යාවේ
ජනාධිපති කාර්යාලයේදී විශේෂ
හමුවක් පැවැත්වේ
.

මෙම තීරණාත්මක
සාකච්ඡාවට එක්වන ලෙස සියලුම
රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත
මේ වන විටත් ආරාධනා කර තිබේ
.

රජයේ මෙම
සූදානම පිළිබඳව රාජ්‍ය පරිපාලන
,
පළාත් සභා
හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය
චන්දන අබයරත්න මහතාගෙන් කළ
විමසීමකදී ඔහු සඳහන් කළේ
,
අදාළ යෝජනාවට
අමතරව තවත් විකල්ප ක්‍රමවේද
කිහිපයක් කෙරෙහිම රජයේ අවධානය
යොමුව ඇති බවයි
.

එමෙන්ම,
රටේ වත්මන්
ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය
විධිමත් කිරීම සම්බන්ධයෙන්
ඉදිරිපත් වී ඇති නව සැලසුම්
පිළිබඳව ද මෙම රැස්වීමේදී
දීර්ඝ ලෙස සමාලෝචනය කිරීමට
නියමිතව ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here