ජාතික
ඉන්ධන බලපත්ර පද්ධතිය (National
Fuel Pass) හරහා
ඉන්ධන කෝටාව ලබාගැනීමේ QR
කේත ක්‍රියාවලිය
මේ වන විට සම්පූර්ණයෙන්ම යථා
තත්ත්වයට පත්ව ඇති අතර,
එය දැනට
ක්‍රියාකාරී මට්ටමේ පවතින
බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය
දැනුම් දෙයි.
ජාතික ඉන්ධන
බලපත්ර පද්ධතිය (National
Fuel Pass) යටතේ
ඉදිරියේදී ඉන්ධන ලබාගැනීමේ
ක‍්‍රියාවලිය විධිමත් කිරීම
සඳහා රථවාහන හිමියන් අනුගමනය
කළ යුතු පියවර 3ක්
පිළිබඳව බලධාරීන් විසින්
අවධාරණය කර තිබේ.
ඒ අනුව,
තමන් අයත්
වන කාණ්ඩය හඳුනාගෙන ඒ අනුව
QR කේතය
භාවිතයෙන් ඉන්ධන ලබා ගැනීමට
කටයුතු කරන මෙන් ඉල්ලා සිටියි.
එහිදී
දැනටමත් QR කේතයක්
හිමි, තම
වාහනයේ අයිතිය සහ ලියාපදිංචි
කළ දුරකථන අංකයෙහි කිසිදු
වෙනසක් සිදු නොවූ වාහන හිමියන්ට,
තමන් සතු
එම පැරණි QR කේතයම
ඉදිරිපත් කර බාධාවකින් තොරව
ඉන්ධන ලබාගත හැක.
මීට පෙර
ලියාපදිංචි වී ඇති නමුත්,
තම QR
කේතය අස්ථානගත
වී හෝ දුරකථනයෙන් මැකී ඇත්නම්
(දුරකථන
අංකය සහ වාහන තොරතුරු නොවෙනස්
නම්), නැවත
ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ.
පද්ධතියට
ලොග් වී (Log-in) ජංගම
දුරකථනයට ලැබෙන OTP කේතය
මගින් නැවතත් සිය QR කේතය
ලබාගත ගැනීමේ හැකියාව ඇත.
මීට පෙර
ලියාපදිංචි නොවූ පුද්ගලයන්,
තම වාහනය
අලූතින් මිලදී ගත් පුද්ගලයන්
(අයිතිය
වෙනස් වූ) හෝ
මීට පෙර ලියාපදිංචි කළ දුරකථන
අංකය දැනට භාවිත නොකරන පුද්ගලයන්
පද්ධතියේ අලුතින් ලියාපදිංචි
වීම අනිවාර්ය වේ.
ඉන්ධන
පිරවුම්හල්වල තදබදය අවම කර
ගැනීමටත්, කාර්යක්ෂම
සේවාවක් ලබා ගැනීමටත් ඉහත
උපදෙස් නිසි පරිදි පිළිපදින
ලෙස රථවාහන හිමියන්ගෙන් ඉල්ලා
සිටියි.
මෙම ක්‍රියාවලිය
සම්බන්ධයෙන් පැනනගින ඕනෑම
ගැටලුවක් හෝ අමතර තොරතුරු
දැන ගැනීම සඳහා 1919 ක්ෂණික
ඇමතුම් අංකය ඔස්සේ රජයේ තොරතුරු
කේන්ද්‍රය ඇමතීමට හැකියාව
පවතින බව දන්වා සිටියි.







