Home Local News Room : බස් ගාස්තු වහාම ඉහල දමන්න බස් හිමියන් රැස්වෙති..

News Room : බස් ගාස්තු වහාම ඉහල දමන්න බස් හිමියන් රැස්වෙති..

2
0

 

ඊයේ
මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක
වන පරිදි ඩීසල් මිල ඉහළ දැමීමට
රජය ගත් තීරණයත් සමඟ
,
බස් ගාස්තු
ද ඉහළ නැංවිය යුතු බව පවසමින්
පෞද්ගලික බස් රථ හිමියන් අද
(10) දින
හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට
තීරණය කර ඇත
.

ඩීසල් මිල
සැලකිය යුතු ප්‍රතිශතයකින්
ඉහළ යාම හේතුවෙන් බස් රථ ධාවනය
කිරීමේ පිරිවැය අධික වී ඇති
බවත්
, ඉන්ධන
මිලට සමගාමීව බස් රථ අමතර
කොටස්වල මිල ද ඉහළ යන බැවින්
ගාස්තු සංශෝධනයක් අත්‍යවශ්‍ය
බවත් බස් සංගම් පෙන්වා දෙයි
.

පවත්නා
තත්ත්වය හමුවේ බස් කර්මාන්තය
පවත්වාගෙන යාමට නම් ගාස්තු
ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක්
නොමැති බව ඔවුන් වැඩිදුරටත්
අවධාරණය කරයි
.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ ඩිසල් මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බවය.

මේ අතර,
ඉන්ධන මිල
ඉහළ යාම තමන්ට ද දැඩි ලෙස බලපා
ඇති බව පවසන සමස්ත ලංකා ත්‍රිරෝද
රථ රියදුරන්ගේ සංගම් ද සඳහන්
කරන්නේ
, ත්‍රිරෝද
රථ ගාස්තු සංශෝධනය කිරීම
සම්බන්ධයෙන් ඉදිරි පැය කිහිපය
ඇතුළත අවසන් තීරණයක් ගැනීමට
නියමිත බවයි
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here