රුපියල්
මිලියන 243.8ක
වටිනාකමකින් යුත් නීති විරෝධී
වත්කම් උපයා ගත් බවට එල්ල වී
ඇති චෝදනාවක් සම්බන්ධයෙන්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
සජින් වාස් ගුණවර්ධන මහතා
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට
ගෙන තිබේ.
අද පෙරවරුවේ
අල්ලස් කොමිසම හමුවේ ප්‍රකාශයක්
ලබා දීමට පැමිණි අවස්ථාවේදී
මෙම අත්අඩංගුවට ගැනීම සිදු
කර ඇත.
නීති
විරෝධී වත්කම් උපයා ගැනීම
සම්බන්ධයෙන් ඔහුට එරෙහිව
සිදු කෙරෙන විමර්ශනයකට අදාළව
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා
ඔහු මෙලෙස කැඳවා තිබින.







