ඉන්දීය
වරායන් වෙත සැපයෙන රුසියාවේ
ප්‍රධානතම බොරතෙල් වර්ගය වන
‘යුරල්’ (Urals)
බොරතෙල්
මිල,
ඉතිහාසයේ
ප්‍රථම වතාවට ජාත්‍යන්තර
බ්‍රෙන්ට් (Brent)
දර්ශකයේ
මිල අභිබවා ගොස් ඇති බව වෙළෙඳපොළ
ආරංචි මාර්ග තහවුරු කරයි.
ඉරාන
යුද්ධය හේතුවෙන් ලෝක බොරතෙල්
සැපයුම් මාර්ග අවහිර වීමත්
සමඟ රුසියානු තෙල් සඳහා ඇති
ඉල්ලුම ඉහළ යාම මීට ප්‍රධාන
හේතුව වී ඇත.
පසුගිය
සතියේ සිට ආරම්භ වූ එක්සත්
ජනපද–ඊශ්‍රායල
සහ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝකයේ
ප්‍රධානතම තෙල් ප්‍රවාහන
මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර
සන්ධිය හරහා සිදුවන ගනුදෙනු
අඩාල වී තිබේ.
මේ
හේතුවෙන් පසුගිය සතිය තුළ
ජාත්‍යන්තර බ්‍රෙන්ට් තෙල්
මිල 25%
කින්
ඉහළ ගොස් බැරලයක් ඇමරිකානු
ඩොලර් 89
ක්
දක්වා වාර්තා විය.
එහෙත්
එම ඉහළ යාම ද අභිබවා යමින්
රුසියානු යුරල් බොරතෙල් මිල
50%
කින්
ඉහළ ගොස් ඇති අතර,
මේ
වන විට රුසියානු තෙල් ඉන්දීය
වරායන් වෙත සැපයෙන්නේ බ්‍රෙන්ට්
මිලට වඩා බැරලයකට ඩොලර් 4-5
ක
අතිරික්ත මිලකටය.
රුසියානු
යුරල් බොරතෙල් මිල මේ වන විට
G7
කණ්ඩායම
පනවා තිබූ ඩොලර් 60
සීමාව
සහ යුරෝපා සංගමය පනවා තිබූ
ඩොලර් 44.10
මිල
සීමාව ද ඉක්මවා ගොස් ඇත.
සාමාන්‍යයෙන්
මෙම මිල සීමාවන් ඉක්මවා තෙල්
අලෙවි කරන විට බටහිර නාවික
සහ රක්ෂණ සේවාවන් භාවිතා
කිරීමට අවසර නොලැබුණ ද,
ඇමරිකානු
රජය විසින් ඉන්දීය තෙල් පිරිපහදු
ආයතන වෙත රුසියානු තෙල් මිලදී
ගැනීම සඳහා විශේෂ සහනයක්
ලබා දීම
හේතුවෙන් මෙම ගනුදෙනු බාධාවකින්
තොරව සිදු වෙමින් පවතී.
තෙල්
මිල ඉහළ ගියද,
රුසියානු
තෙල් අපනයනකරුවන්ගේ ලාභය
ප්‍රවාහන ගාස්තු ඉහළ යාම
හේතුවෙන් සීමා වී ඇති බව
වෙළෙන්දෝ පවසති.
පෙබරවාරි
මාසයේදී රුසියානු බැල්ටික්
වරායන්හි සිට ඉන්දියාව දක්වා
තෙල් නැවක් ප්‍රවාහනය කිරීමට
වැය වූ ඩොලර් මිලියන 10-12
ක
මුදල මේ වන විට ඩොලර් මිලියන
15
දක්වා
ඉහළ ගොස් ඇත.
මීට
අමතරව,
ඩ්‍රෝන
ප්‍රහාර හේතුවෙන් හානියට
පත්ව තිබූ රුසියාවේ නොවොරොසිස්ක්
වරාය ද යළි
ක්‍රියාත්මක වීමත් සමඟ එතැන්
සිට කෙරෙන ප්‍රවාහන කටයුතු
ද ආරම්භ වී තිබේ.
ඉරාන
යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති
වෙළෙඳපොළට එල්ල වී ඇති බලපෑම
තවත් සති කිහිපයක් පවතිනු
ඇතැයි ට්‍රම්ප් පරිපාලනයේ
නිලධාරීන් මත පළ කර ඇත.