Home Local News Room : යුද්දය මැද රුසියාවෙන් ඉන්දියාවට අමුතුම බොරතෙල් පහරක්..

News Room : යුද්දය මැද රුසියාවෙන් ඉන්දියාවට අමුතුම බොරතෙල් පහරක්..

0
0

 

ඉන්දීය
වරායන් වෙත සැපයෙන රුසියාවේ
ප්‍රධානතම බොරතෙල් වර්ගය වන
‘යුරල්’
(Urals)
බොරතෙල්
මිල
,
ඉතිහාසයේ
ප්‍රථම වතාවට ජාත්‍යන්තර
බ්‍රෙන්ට්
(Brent)
දර්ශකයේ
මිල අභිබවා ගොස් ඇති බව වෙළෙඳපොළ
ආරංචි මාර්ග තහවුරු කරයි
.
ඉරාන
යුද්ධය හේතුවෙන් ලෝක බොරතෙල්
සැපයුම් මාර්ග අවහිර වීමත්
සමඟ රුසියානු තෙල් සඳහා ඇති
ඉල්ලුම ඉහළ යාම මීට ප්‍රධාන
හේතුව වී ඇත
.

පසුගිය
සතියේ සිට ආරම්භ වූ එක්සත්
ජනපද
ඊශ්‍රායල
සහ ඉරාන ගැටුම් හේතුවෙන් ලෝකයේ
ප්‍රධානතම තෙල් ප්‍රවාහන
මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර
සන්ධිය හරහා සිදුවන ගනුදෙනු
අඩාල වී තිබේ
.
මේ
හේතුවෙන් පසුගිය සතිය තුළ
ජාත්‍යන්තර බ්‍රෙන්ට් තෙල්
මිල
25%
කින්
ඉහළ ගොස් බැරලයක් ඇමරිකානු
ඩොලර්
89
ක්
දක්වා වාර්තා විය
.
එහෙත්
එම ඉහළ යාම ද අභිබවා යමින්
රුසියානු යුරල් බොරතෙල් මිල
50%
කින්
ඉහළ ගොස් ඇති අතර
,
මේ
වන විට රුසියානු තෙල් ඉන්දීය
වරායන් වෙත සැපයෙන්නේ බ්‍රෙන්ට්
මිලට වඩා බැරලයකට ඩොලර්
4-5

අතිරික්ත
මිලකටය
.

රුසියානු
යුරල් බොරතෙල් මිල මේ වන විට
G7
කණ්ඩායම
පනවා තිබූ ඩොලර්
60
සීමාව
සහ යුරෝපා සංගමය පනවා තිබූ
ඩොලර්
44.10
මිල
සීමාව ද ඉක්මවා ගොස් ඇත
.
සාමාන්‍යයෙන්
මෙම මිල සීමාවන් ඉක්මවා තෙල්
අලෙවි කරන විට බටහිර නාවික
සහ රක්ෂණ සේවාවන් භාවිතා
කිරීමට අවසර නොලැබුණ ද
,
ඇමරිකානු
රජය විසින් ඉන්දීය තෙල් පිරිපහදු
ආයතන වෙත රුසියානු තෙල් මිලදී
ගැනීම සඳහා විශේෂ සහනයක්

ලබා දීම
හේතුවෙන් මෙම ගනුදෙනු බාධාවකින්
තොරව සිදු වෙමින් පවතී
.

තෙල්
මිල ඉහළ ගියද
,
රුසියානු
තෙල් අපනයනකරුවන්ගේ ලාභය
ප්‍රවාහන ගාස්තු ඉහළ යාම
හේතුවෙන් සීමා වී ඇති බව
වෙළෙන්දෝ පවසති
.
පෙබරවාරි
මාසයේදී රුසියානු බැල්ටික්
වරායන්හි සිට ඉන්දියාව දක්වා
තෙල් නැවක් ප්‍රවාහනය කිරීමට
වැය වූ ඩොලර් මිලියන
10-12

මුදල මේ වන විට ඩොලර් මිලියන
15
දක්වා
ඉහළ ගොස් ඇත
.

මීට
අමතරව
,
ඩ්‍රෝන
ප්‍රහාර හේතුවෙන් හානියට
පත්ව තිබූ රුසියාවේ නොවොරොසිස්ක්

වරාය ද යළි
ක්‍රියාත්මක වීමත් සමඟ එතැන්
සිට කෙරෙන ප්‍රවාහන කටයුතු
ද ආරම්භ වී තිබේ
.

ඉරාන
යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති
වෙළෙඳපොළට එල්ල වී ඇති බලපෑම
තවත් සති කිහිපයක් පවතිනු
ඇතැයි ට්‍රම්ප් පරිපාලනයේ
නිලධාරීන් මත පළ කර ඇත
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here