ගත වූ 2025 වසරේදී කම්කරු දෙපාර්තමේනතුවට ඉදිරිපත් වූ පැමිණිලි වලින් 89 %කට වැඩි ප්‍රතිශතයක් එම වසරේදීම විසඳා අවසන් කෙරුණු බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.
එමෙන්ම අදාළ පැමිණිලි වලින් තිහිපයක් පමණක් සඳහා මාස 12 කට වැඩි කාලයක් ගතව ඇතැයිද පෙන්වා දෙන නියෝජ්‍ය ඇමැතිවරයා ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවීම හේතුවෙන් ඒවා විසඳීමට මෙලෙස කාලයක් ගතව ඇතැසිද පවසා සිටී.







