Home Local News Room : කළු සල්ලි දේපොලක් අත්හිටුවයි..

News Room : කළු සල්ලි දේපොලක් අත්හිටුවයි..

1
0

වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා මංකොල්ලකෑම් සිදුකර වත්කම් උපයාගෙන ඇති බවට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇත.

එහිදී අදාල පුද්ගලයා විසින් නීති විරෝධී ලෙස උපයාගන්නා ලද මුදලින් කාන්තාවකගේ නමින් මිලදීගෙන ඇති වලස් මුල්ල, කඩිගමුව ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 03 කට අධික වටිනාකමකින් යුත් තෙමහල් නිවසක් සහිත පර්චස් 14.1 ක ඉඩමක් 2026.02.19 දින සිට මුදල් විශුද්ධි කරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව දින 07 ක කාලයක් සඳහා ක්‍රියා විරහිතකිරීමේ නියෝග නිකුත් කර ඇත.

නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here