Home Local News Room : 225 ම එපා කියල අපි කිවුවෙ නෑ..- ලක්මාලි

News Room : 225 ම එපා කියල අපි කිවුවෙ නෑ..- ලක්මාලි

0
0

“225ම එපා” යන මතය නිර්මාණය කළේ ජාතික ජන බලවේගය නොව, පසුගිය කාලසීමාව තුළ රට පාලනය කළ පාලකයන් විසින්ම බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. 

එම අදහස තමන් මත පටවන්නට උත්සාහ නොකරන ලෙසත්, එය පසුගිය පාලකයින්ගේ ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් බවත් ඇය සඳහන් කළාය.

රටේ ජනතාව පාරට වැටෙන තෙක් සහ පෝලිම්වල රඳවා තබන තෙක් රට පාලනය කළ ආකාරය හේතුවෙන් ජනතාව සියලු දේශපාලකයන් ප්‍රතික්ෂේප කළ බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය. 

“ජනතාව ‘225ම එපා’ කියා පාරට බැස්සේ ඔබතුමන්ලා රට පාලනය කළ විදිහ නිසයි. ඒක අපේ කරපිට පටවන්න ලෑස්ති වෙන්න එපා” යැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මහජන නියෝජිතයන්ට පොලිස් ආරක්ෂාව, සුඛෝපභෝගී වාහන හෝ විශ්‍රාම වැටුප් නොමැති වීමෙන් ඔවුන් ‘හැල්ලු’ වන බවට එල්ල වන අදහස් ප්‍රතික්ෂේප කළ හේමචන්ද්‍ර මහත්මිය, මහජන නියෝජිතයෙකු සැබවින්ම හැල්ලු වන්නේ ඔහු මහජනතාවට එරෙහිව කටයුතු කරන විට පමණක් බව පෙන්වා දුන්නාය.

නව දේශපාලන සංස්කෘතියක් තම රජයට ලැබී ඇති ජනවරමේ ප්‍රධාන කොටසක් වන්නේ ජනතාවට වගකියන සහ ජනතාව සමඟ සිටින අලුත් දේශපාලනඥයෙකු නිර්මාණය කිරීම බව ඇය සඳහන් කළාය. 

මහජන නියෝජිතයා යනු වරප්‍රසාද ලබාගැනීමට එන අයෙකු නොවන බවත්, ඔවුන් ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු බවත් ඇය අවධාරණය කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here