රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.
මාධ්‍ය
නිවේදනය
රට
තුළ පුරවැසියන්ගේ සහ
වෘත්තීයවේදීන්‌ගේ ආරක්ෂාව
තහවුරු කිරීමේ අවශ්‍යතාවය.
පසුගිය
2026.02.13
වැනි
දින නීතිඥයකු හා ඔහුගේ බිරිඳ
වෙඩි තබා සාහසික ලෙස ඝාතනය
කිරීමේ සිදු වීම තුළ පුරවැසියන්ගේ
සහ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව
පිළිබඳ
නැවත බරපතල ප්‍රශ්ණාර්ථයක්
මතුකර ඇත.
රාජ්‍ය
තුළ පුරවැසියාගේ සහ වෘත්තීකයන්ගේ
ආරක්ෂාව තහවුරු කිරීම ඕනෑම
රජයක ප්‍රමුඛතම වගකීමයි.
ඕනෑම
වෘත්තීයවේදියෙකු හට බලපෑම්
හෝ තර්ජන වලින් වියුක්තව
ස්වාධීනව සහ නිදහස්ව තම වෘත්තීමය
සේවාවන් සැපයීමේ අයිතියක්
ඇත.
ශ්‍රී
ලාංකීය රෝහල් පද්ධතිය තුළ ද
වෛද්‍යවරුන් ඇතුලු සමස්ත
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව
සම්බන්ධයෙන් බරපතල ගැටලු
ගණනාවකට මුහුණ දෙමින් පවති.
සපයනු
ලබන සේවාවේ හෝ සේවාලාභියාගේ
පසුබිම මත වෘත්තියවේදින්ට
බලපෑම්,
ජිවිත
තර්ජන හෝ අනාරක්ෂිත බවක්
නිර්මාණය වන්නේ නම්,
එය
කිසිසේත්ම හිතකර ප්‍රවණතාවයක්
නොවේ.
පුරවැසියන්ගේ
ආරක්ෂාව සහ වෘත්තීයමය පරිසරය
තුළ වෘත්තීයවේදින්ගේ ආරක්ෂාව
තහවුරු කිරීම උදෙසා ශක්තිමත්
සහ විශ්වාසනීය වැඩපිළිවෙලක්
ක්‍රියාත්මක විය යුතු බවත්,
ඒ
සඳහා
වගකිව යුතු සියලුම පාර්ශව
කටයුතු කල යුතු බවත් රජයේ
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
තරයේ අවධාරණය කරමු.







